හොලිවුඩ් පුරවරයේ ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ 'Fast & Furious' හි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු පෝල් වෝකර් මෝටර් රථ අනතුරකින් මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග කරයි.දකුණු කැලිෆෝනියාවේදී මෙම අනතුර සිදුවී ඇති අතර වෝකර් මියයන විට වයස අවුරුදු 40 ක් විය. පෝල් වෝකර්ගේ අනුග්‍රහය මැද සිදුකරගෙන යනු ලැබූ පුණ්‍යායතනයක වැඩසටහනක් සඳහා තම මිතුරෙකු සමග සහභාගී වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ පෝල්ගේ මිතුරා වන අතර ඔහුත් අනතුරෙන් මියගොස් ඇත. අදාල මෝටර් රථය පාලනයෙන් තොරවූ නිසා මෙම ගසක වැදී ගිනිගෙන ඇත. ගින්න මැඩ පැවැත්වීමෙන් අනතුරුව මොවුන්ගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් ආරංචි වැඩිදුරටත් පවසයි.
"අදත් ලෝක චාටර් එකක් කන්න තමා වෙන්නෙ,ඇත්තටම මේකට මොනව වෙලාද මන්දා කොහෙවත් යන ජුන්නියෙක්ට පිස්සු වැටිලා ඉන්නේ"
කුසල් තනියෙන් කියවමින් රවිඳු පසුපස ගමන් කරනු පෙනිණි. මල්සරා මුගේ හොඳම තැනකට විද ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. සැබවින්ම මූට මසකට ඊතල හත අටක්ම වදී,නොවැදුනහොත් මල්සරාට පගාවක් දී විදවාගනී. දෙනෝදහක් තරුණ ගැහැණු ළමුන් මැද අවශ්‍ය එකියක් සොයා ගැනීම අපහසු බව තතු දන්නෝ දනිති.(කැත කෙල්ලෝ නම් මෙයට ගතවන කාලය විශාල වශයෙන් අඩු වනු ඇත).පළමුවන හේතුවනම් ඕනෑම කෙනෙක්ට අවබෝධ කරගත හැකි ප්‍රායෝගික අපහසුතාවයයි.දෙවැන්න කොල්ලන්ට පමණක් අවබෝධ කරගත හැකි අමුතුම ආකාරයේ එකකි.එය පසෙකින් තබමු.අදාළ නැති දේවල් කතා කිරීම කාලය නාස්ති කිරීමකි. "ඒයි ඩෝ...අර බලපන් " class නිමවී පාර අයින දිගේ තනියෙන් ගමන් කරමින් සිටි කලනි දෙස ඇඟිල්ල දිගු කරමින් කුසල් පැවසීය. "වරෙන් යන්න ඉක්මනට.....නැත්තම් miss වෙන්න පුලුවන්" ක්‍රමයෙන් දෙමිතුරන් ඇය වෙත ආසන්න විය.සැබවින්ම රවිඳුගේ කතාවේ සත්‍යක් තිබිණි.ඇය ගමන් කලේ ඈ පසුපස කොල්ලන් සේනාවක් එළවාගෙන එන පරිද්දෙනි,රවිඳුව දකිනවාත් සමඟම ඇය top gear එකටම දමා full රේස් කළද රවිඳුගේ අමුතුම වෙට්ටු හමුවේ ඇය මෙල්ල වන බව පෙනිණිි.ඉන් ගම්‍ය වන්නේ ඌට සෑහෙන එක්ස්පීරියන්ස් ඇති බව නොවේද? රවිඳු යමක් පැවසීමට මුව විවර කලා පමණි.කලනි ඔහු දෙසට හැරුනාය. "අනේ යන්න යන්න තාත්තා එනවා.........." ඇය තම දෑතම උස් පහත් කරමින් පැවසීය.(එක්සයිස් කරනා විලාසයක් සිහිකරගන්න,පොඩි උන් දයියා දයියා කියා කෑ ගසන්නේද මෙසේය,වෙනසකට ඇත්තේ ඇය අතට පිම්ඹේ නැති එක විතරය) "හරි හරි ඔයා කැමතිද නැද්ද කියලා විතරක් කියන්නකෝ.." රවිඳු පැවසීය. "අනේ යන්න යන්න තාත්තා එනවා.........." නැවතත් පැරණි පිළිතුරමය. "මේ මටනම් පේන්නෙ මෙයා ****** එකේ නෙවෙයි.සඳගල ඉස්කෝලෙ ගිය කෙනෙක් වගේ.බලපන්කෝ කන් ඇහෙන්නෙම නෑ නේ" කුසල්ට තම කතාව නිමා කිරීමට නොහැකි විය.ඇගේ පියතුමාණන් ඉදිරියෙන් පැමිණ ඈට මොනවාදෝ පවසනු පෙණිනි.ඒ වන විට ඇය හා මිතුරන් අතර පරතරය මීටර් දෙක තුනකට වඩා නොවීය.සැබවින්ම මෙය ඕනෑම කොල්ලෙක්ට ඇඟ කිළිපොලායන යන අවස්ථාවකි(මුන්ගේ කිළි පෙලුවාදැයි මම නොදනිමි.මොකද මුං අමුතුම ඩයල්ය.) ඔවුන් දෙදෙනා අහිංසක හා පැටවුන් දෙදෙනෙකු සේ පිය-දියණි දෙදෙනා පසුකර යනු පෙනිණි. "නූලෙන් බේරුණා!!! " රවිඳු සුසුමක් හෙලමින් පැවසීය. "ඔව් කොහොමත් තව ටිකක් නූලෙන් මිස් උනා නම් *******************" (බලධාරියා විසින් කපා හරින ලදී) ****************************************** මෙම සිදුවීමෙන් මාසයක් පමණ කාලයක් ගතවූ තැන 2012 අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ විය.ඉතිහාස ගතවන්නට ගිය ආදර කතාවක් එලෙස නිමා විය.(එසේ උන එක සිරාවටම හොඳය.) P.S මෙම කතාවේ එන සියලුම චරිත මනඃකල්පිත බව මම නැවත වරක් මතක් කර සිටිමි.අවසාන වශයෙන් ඔබේ දැනගැනීම සඳහා මම එක් දෙයක් පමණක් සඳහන් කරමි.රවිඳු,කුසල් සහ කලනි මේ වන විට බුකියේ හොඳම මිතුරන් බවට පත් වී සිටී.ආදර්ශමත් මහා ආදර කාව්‍යක් මිතුරු දමකින් අවසන් වූයේ එසේය.(කතාවේ අවසානය කෑවා යැයි මට කෑ නොගසන්න,එය කතාවේ චරිත වල වරදකි.) නිමි. "දෙවියනේ ඒක වැහුනා නේද? අපි මේකෙ හිර උනා"
දොරටුව වැසෙන ශබ්දය පරයා නැඟුණු ජෝන්ගේ හඬින් සැවොම තිගැස්සී ගියහ. එක්වරම පොළව දෙදරන්නට පටන් ගත්තේය.එය ගමන් කරනා බවක් සියලු දෙනාටම දැනෙන්නට විය.කතා කරන්නට මුව විවර කළද කිසිවෙකුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත. සැබවින්ම මෙම ස්ථම්භාකාර ව්‍යුහය සෝපානයක කාර්යය ඉටු කරන බව පෙනිණි.ආරම්භයේදී මඳ වේගයකින් චලනය වූ එය ක්‍රමයෙන් වේගවත් වන බව සියලු දෙනාටම පසක් විය.මහා පිරමීඩය සතර කොනින් ඉහළට එසවී තිබූ ලෝහමය ස්ථම්භ සතර නැවතත් අබිරහස් ලෙසින් පොළව තුල ගිලී යමින් පැවතිණි. ******************************************* තම යානය රතු පැහැ පොළව සිපගන්නා විට රැම්සේ දිගු සුසුමක් හෙලීය.අවුරුදු දස දහස් ගණනකට පෙර රූස්ස වනාන්තර,නිල්වන් දිය දහරා සහ මනරම් කඳු පංති වලින් සමන්විත වූ එය මේ වන විට ජල බිඳකුදු සොයාගත නොහැකි රත් පැහැ පස් වලින් පමණක් සමන්විත් මුඩු භූමියක් බවට පත්වී තිබිණි.භූමියේ සමහර ස්ථාන වල ජලය ගලාගෙන ගිය සළකුණු තවමත් ඉතිරි වී තිබුනේ ආමෙන්වරුන්ගේ ආයුධ නිසා ක්ෂණිකව වාෂ්ප වී ගිය ඇළ දොළ ගංගා සිහිකරමිනි.ව්‍යාපෘතියේ අවසාන දිනයක ආමෙන්වරුන් සිදුකල විශාල පිපිරීමක් හේතුවෙන නිබිරු ග්‍රහලොව එය එතෙක් භ්‍රමණය වූ කක්ෂයෙන් ඉවතට චලනය වූ ආකාරය රැම්සේට ඉතා හොඳින් මතකයේ තිබිණි.සැබවින්ම එය සෝගෝවරුන්ගේ සියලුම බලාපොරොත්තු විනාශ වී ගිය දිනයක් විය.නමුත් නිබිරු ග්‍රහලොව සූර්යයාගෙන් මඳක් ඈත කක්ෂයක නැවතත් ස්ථාවරව කක්ෂගත වූ විට ඔවුන්ගේ බලාපොරොත්තු නැවත වරක් මල් ඵල ගත්තේය. ******************************************* අතීතයේ සෝගෝවරුන්ගේ නිජබිම වූ නිබිරු ග්‍රහලොව සහ ඒ අසළම තිබූ සුමරු ග්‍රහලොව එකිනෙකා වටා භ්‍රමණය වෙමින් එකම කක්ෂයක ගමන් කරමින් තිබිණි.සැබවින්ම එය ද්විත්ව ග්‍රහ පද්ධතියක් විය.නමුත් නිබිරු ග්‍රහලොව තම කක්ෂයෙන් ඉවත්වී සූර්යයාට දුරින් වෙනත් කක්ෂයක කක්ෂගත වීමෙන් පසුව එහි උෂ්ණත්වය ඉතා විශාල වශයෙන් පහත වැටීණි,වායුගෝලයේ තිබූ කාබන්ඩයොක්සයිඩ් ධ්‍රැවාසන්න ප්‍රදේශ වල වියලි අයිස් ලෙස මිදී ගියේය.දින දෙක තුනක් ඇතුළත නිබිරු ග්‍රහයා මත වූ ජීවය තුරන් වී ගිය අතර ඉන් සුමරු ග්‍රහලොවට ඇතිවූ බලපෑම වූයේ එහි පරිභ්‍රමණ කාලය සුළු වශයෙන් වෙනස් වීම පමණකි.කාලයාගේ ඇවෑමෙන් සුමරු ග්‍රහලොව මත ජීවය පරිණාමය වූ අතර ඔවුන් නිබිරු ග්‍රහලොව,යුද්ධයට අධිපති යන අර්ථයෙන් "අඟහරු" ලෙස නම් කළහ.නමුත් එය බොහෝ කාලයකට පෙර තම කක්ෂයෙන් මිදී ගිය,තම මව් ග්රහලෝකයෙහි එකම නිවුන් සහෝදරයා බව කිසිවෙකු දැන සිටියේ නැත. ******************************************* "අපි මැරෙන්නයි යන්නේ" ලූකස් උමතුවෙන් මෙන් කෑගැසීය. ලුක්ගේ හඬින් වටපිට බැලූ සියලුදෙනාටම ඊළඟට සිදුවන්නට යන දේ මනාව පැහැදිලි විය.ඔවුන් සිටි වේදිකාව වටකර තිබූ දැවැන්ත පවුරු හතර ක්ර්මයෙන් එකෙනෙක ළං වෙමින් පැවතිණි.තව නොබෝ වෙලාවකින් ඔවුන්ගේ සිරුරු වල ඇටකටු පවා තැලී පොඩිවී යනු ඇත. මතු සම්බන්ධයි.... කිසිදා නොඇසූ ආදර කතාවක්(සිව්වන කොටස)-"ඒ උනාට ඒකි බෑ කිව්වෙ නෑනෙ බං,ඒක හින්දා ආයෙ පාරක් අහමු."27/11/2013 පළමු කොටස මෙතැනින්
දෙවන කොටස මෙතැනින් තෙවන කොටස මෙතැනින් "අහහත්ත නේද දැන්? විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මටනම්......" කුසල් පැවසුවේ අමනාපයෙනි. "අනේ වාසනාවන් උඹේ කට නම්,උඹ ඉතින් මුල ඉඳන්ම බැරි පැත්තටමනේ කතා කලේ." "දැන් මගෙ කට හින්දද ඒකි බෑ කිව්වෙ?" "ඔව් ඔව් එහෙම තමයි,කොහොමත් බෑ කියලා කිව්වෙ නෑ නෙ බං,මේ ආයෙ පාරක් හෙට අහමු.කෙල්ලො කොහොමත් ඔහොම තමයි.මුලින් කටේ තියෙන්නෙ "බෑ" කියන එක." "උඹට ඔල්මාදෙ හැදීගෙන එනවද *#$$#*% කාපු චාටර් එක මදිද යකෝ" "ඒ උනාට ඒකි බෑ කිව්වෙ නෑ නෙ බං....ඒක හින්දා ආයෙ පාරක් අහමු" රවිඳුු උත්සාහය අත හැරීමට කිසිසේත්ම සූදාණම් නැති බව පෙනේ. "උඹේ ලැජ්ජ නහරෙ නම් ඉපදෙද්දිම කපලා වගේ.......ඒ උනාට දැනගනිං මගෙ ඒ නහරෙ තාම කපලා නෑ" "එහෙනම් දැන් කපාගනිං....." රවිඳු ඇසක් ඉගි මරමින් පැවසීය. ******************************************** සතියක කාලයකට පසුව විස්ඩම් අධ්‍යාපන ආයතනයේදී........... වේලාව උදෑසන පහයි හතලිස් පහට පමණය. "ගුඩ් මෝනිං මචං,අද කලනි අක්ක ආවද?" රවිඳු class එකට පැමිණි වහාම කුසල්ගෙන් ඇසුවේය. "ඔව් ඔව් බං ඔය එහාපැත්තෙ පෝලිමේ ඉන්නෙ කේක් ගෙඩිය වගේ,සිහිය එතනමයි නේද?" කුසල් සිනාසෙමින් පැවසුවේය. මා මෙසේ පවසන විට පහයි හතලිස් පහට පමණ පටන් ගන්නා class තිබේදැයි ඔබට සිතෙනු නොඅනුමානය.ඇත්තවශයෙන්ම මෙය අබුද්දස්ස කාලය නොවූවත් එහෙම ඒව නැතුවාම නොවේ.සමහරු පවසන ආකාරයට අබුද්දස්ස කාලයට ලබුත් තිත්ත වන්නේය,class පාන්දර පටන් ගන්නේය.සමහර විට මෙය අබුද්දස්ස කාලයේ ආරම්භක සමය වීමටද ඉඩ ඇත.කෙසේ හෝ මෙය පාන්දර ජාමයේම පටන් ගන්නා class එකකි.අවංකවම කියතොත් අබුද්දස්ස කාලය පිළිබඳව කොල්ලන් බිය විය යුතු නැත.මක් නිසාද යත් ඒ කාලයට වර්තමාන සාම්ප්‍රදාය වෙනස් වී කෙල්ලන් විසින් කොල්ලන්ගෙන් කැමැත්ත විමසන බව පුරාණ පුස්කොල පොත් පත් වල සඳහන් වන බැවිනි.අබුද්දස්ස කාලය පිළිබඳ කතා කරා ඇතිය.මෙය දුර දිග ගියතොත් කතාව ටැපලී ලියාගෙන යාම අපහසු වීමට ඉඩ ඇත.අපි නැවතත් කතාව දෙසට යොමුවෙමු. මැද පේළියේ බංකුවක කෙළවරේම ඉඳගෙන සිටි කලනි තම මිතුරියකට මොනවාදෝ පවසමින් සිනාසෙන්නට විය.බොහෝ විට ඒ තමා පිළිබඳ උනන්දු වන අහිංසක කොල්ලා පිළිබඳ යමක් වීමට ඉඩ ඇත.සමහර විට ඇය පහුගිය සතියේ සිද්ධිය තම මිතුරියන්ට පවසමින් සිනාසෙනවා විය හැකිය.කොල්ලන් හෙනම පව් ය.ඔවුන් බොහෝ විට මෙවැනි දුක් කම් කටොළු වලට මුහුණ දෙති.මේ ලෝකයද හෙනම කූරය(ලිවීමේ පහසුව පමණක් සලකා කූර ලෙස ලිවීමි,මට සිංහල වලට හොඳ පාස් එකක් ඇත)මා සිතනා ආකාරයට මේ කොළු අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට කාලයයි.ඔවුන්ගේ සියලුම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව බුද්ධිමත් කා හට වුවද තේරිය යුතුය.අපි මෙම සමාජ ක්‍රමය වෙනස් කල යුතුය.(මම JVP නොකරමි.මේවා හිතේ අමාරුවට කියන කතාය) දැන් මෙම කතාව යන්නේ කොහෙද මල්ලේ පොල් වී ඇති සැටියකි.මා හිතේ අමාරුවෙන් කල කතාව අසා සිටි ඔබ සැමට මාගේ ස්තූතිය පුද කරමි.මේ කතාව නහට අහන්නේ නැත.සෑමවිටම පිට පනිනවාය.ඒ පිළිබඳ මාගේ බවලත් කණගාටුව. කාලය ගෙවී යන අතරතුර මා නෝට් කල එක දෙයක් ඇත.කලනිගේ බෙල්ල සෑම තත්පර තිහ හතළිහකට වරක්ම වටයක් කැරකේ(වටයක් කිව්වාට මෙම වටයට අංශක 180 කි) ඇත්තම කියතොත් ඒක මාරම බෙල්ලක්ය.සමහරවිට ආවර්තීය කියාකාරීත්වයක් ඇති මෝටරයක් හයි කරගෙන සිටිනවා විය යුතුය.නැත්තම් මෙළහකටත් එහි "පොට" ගොස් තිබිය යුතුය.(පොට කොහේ යන්නේදැයි නොඅසන්න.ඒවා තහනම් ප්රශ්නය) රවිඳුගේ බෙල්ලද ඒ හා සමාන සංඛ්‍යාතයකින් එහා මෙහා වන බව පෙනේ,එය ඌට ගානක් නැති සේය.එය එසේ විය යුතුය.මන්ද කොල්ලන්ගේ බෙලි වල පොට යන්නේ නැත.මම එය අත්දැකීමෙන්ම දනිමි. class එක අවසන් වීමෙන් පසුව දෙමිතුරෝ එළියේ තිබූ කොට්ටං ගස යට සිටිනු පෙනිණි. (මා දන්නා තරමින් එය කොට්ටං ය)ඔවුන් දෙවන ලෝක යුද්ධයට සූදාණම් වන බවක් පෙනෙන්නට තිබිණි. "ඒ බං වරෙන් යන්න.......අන්න අක්කා යනවා." රවිඳු කුසල්ගේ අතින් අදිමින් පැවසීය. "අදත් ඉඳලා ඉවරයි...." මෙසේ පැවසූ අහිංසක කුසල් ඔහු පසුපසින් ගමන් කරනු පෙනිණි. මතු සම්බන්ධයි..... "උඹම අහපන් ඉතින්.....මම පිටිපස්සෙන් එන්නම්,සෙරෙප්පුව වත් උස්සලා ගත්තොත් උඹවත් ඇදගෙන දුවන්න"
කුසල් සිනාසෙමින් තම මිතුරාට පැවසීය. "පිස්සුද බං...එහෙම කරන්නෙ නෑ.....එහෙනං මෙලහකට මම කොච්චර සෙරෙප්පු පාරවල් කන්න ඕනෙද?" මිතුරෝ දෙදෙනාම සිනාසුනහ. ******************************************** කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගය ඔස්සේ ඇවිද යන සුන්දර යුවතියකි,ඔහු පසුපසින් ගමන් කරනා පිරිමි ළමෝ දෙදෙනෙකි. "හා දැං ඉතින් ගිහින් අහපං...." කුසල් සිනාසෙමින් පැවසීය. "වරෙන් උඹත් යන්න මට තනියෙන් යන්න බෑ..." "ඇයි උඹ බය වෙලාද දැන්? කොහොමද දුන්න talk නම්....යමං යමං ගිහින් අහපං....." කුසල් පැවසුවේ රවිඳුව ඉදිරියට තල්ලු කරමිනි. "උඹ left සයිඩ් එකට පලයං,මම right සයිඩ් එකෙන් යන්නම්......." "මට මුලින්ම කියපන් උඹ යාලුවෙන්න අහන්නද යන්නෙ නැත්තම් ඒකිව උස්සන්නද?" "ඇයි බං එහෙම අහන්නෙ..." "නෑ ඉතිං...උඹ ඔය කියපු විදියට තමයි film වල බෑන්ක් රොබරි වලට යන්නේ,ඒකි බය වෙලා කෑ ගහයි යකෝ කොල්ලො දෙන්නෙක් ගිහින් දෙපැත්තෙන් වට කලාම" "නෑ නෑ ශේප් එකේ යමුකෝ....." දෙමිතුරෝ යුවතියට ආසන්න වන්නට විය. "මේ මට ටිකක් කතා කරන්න පුලුවන්ද ඔයත් එක්ක?" රවිදු පැවසුවේ ඇගේ උරහිසට තට්ටුවක් දමමින්ය.මේ මොහොතේ ඇති විය හැකි කුඩ හෝ සෙරෙප්පු සංදර්ශනයකින් පරෙස්සම් වීම සඳහා කුසල් මඳක් ගමන ස්ලෝව් කරනු පෙනිණි. ඇය කිසිවක් කතා කලේ නැත,කෙල්ලන් එසේය.එය සියලු දෙනාම දනිති. "මේ.....ම්හ්..මම ඔයාට කැමතියි.ඔයා මොකද කියන්නේ?" රවිඳු කෙලින්ම වැඩට බැස ඇති සැටියකි.ඇය සිනාසෙමින් කුසල්ගේ මුහුණ දෙස බලමින් නැවතත් රවිඳුගේ මුහුණ දෙස බැලුවාය.වැඩේ ගොඩ ගියා වැනිය.එක්වරම අලංකාර සිනහවකින් මුස සරසාගත් අපගේ කතානායිකාව රවිඳු දෙස බලමින් මෙසේ පැවසුවාය,රවිඳු නම් එය ඇසීමට කන් දෙක ඈ දෙසට හරවමින් සිටියා විය යුතුය. "අයියෝ අනේ.....ඔයාලා මල්ලිලානේ..." කුසල් දෑතින්ම මුහුණ වසාගෙන ගමන ස්ලෝව් කරනු පෙනිණි. මතු සම්බන්ධයි.... |